Sunday, October 1, 2017

2025 දී අඟහරු වෙත

ලොව ප්‍රධාන විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලර් සමාගම වසර 2025 දී අඟහරු වෙත මගීන් ගෙන යාමට ව්‍යාපෘතියකට මුලපිරීමට සූදානම්ව සිටිනවා. ලබන වසර ආරම්භයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වෙයි. අඟහරු ලොව මිනිස් වාසයට සුදුසු පරිදි වාසස්ථාන ඉදිකර ඒ වෙත මිනිසුන් ගෙන යන විශාල ව්‍යාපෘතියකටයි ඔවුන් මෙවර සැරසෙන්නේ. ඉතින් ඔබටත් මේ ලෝකෙ එපා වෙලා නම්, අතේ මිල මුදල් යහමින් ඇත්නම් 2025 දී අඟහරු ලොවෙන් බිම් කොටසක් වෙන් කරවාගෙන අඟහරු වැසියෙක් වීමට අනගි අවස්ථාවක් උදා වී ඇත.