බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය තේරුම්ගැනීමට පවතින සාකෂි අවබෝධ කරගත යුතු ය. පළමු වැන්න වසර 3000 ක් අනාවරණය කරන මහාවංශ කෘතියයි. මෙය සාහිත්‍ය කෘතියක් නොවන බව හොඳින් අවබෝධ කරගත යුක්තකි. පැවති රාජ්‍ය පාලන විධික්‍රම වාර්තා කරණු ලැබූවක් වේ. වාර්තාකරණයට යොදාගත් සමහර ගාථාවන් හි කිසියම් සාහිත්‍ය අලංකාර අනුගත කර නැතිවාද නොවෙයි.
මහාවංශය පැහැදිලිව නිරාවරණය කරනුයේ අනාදිමත් කාලයක සිට ''බෞද්ධ රාජ්‍යයක්'' පැවතිය බව ය. මෙහි සත්‍යය - අසත්‍ය භාවය අනාවරණය කරගත හැක්කේ පුරා විද්‍යා සාකෂි මගිනි. එහිලා දිවයින පුරා විසිරී පවත්නා සෙල් ලිපි ප්‍රධාන වේ. මහාවංශය පැහැදිලි කරන zzබෞද්ධ රාජ්‍යZZ පාලන විධිවිධාන සෙල්ලිපි තොරතුරු වලින් සම්පූර්ණයෙන් සනාථ වේ.
ඈත අතීතයේ සිට මෙරටට පැමිණි වෙළඳුන් හා සංචාරකයන් විශාල ප්‍රමාණයකි. දේශාටකයන් ගේ හා සංචාරකයන් විශාල ප්‍රමාණයකි. දේශාටයන් ගේ සහ වෙළඳුන් ගේ සටහන් හා ලිපි වල ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව සඳහන් ය. ඔවුන් මෙරටින් රැගෙන ගිය බොහෝ මෙවලම් බෞද්ධ සංස්කෘතික හැඩයෙන් යුක්තය. මෙම පිරිස් තම මව් රට වලට තොරතුරු සපයා ඇත්තේ ''සිංහලය'' බෞද්ධ රාජ්‍යයක් යනුවෙනි.
ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන් සමග zzරාජ්‍ය තාන්ත්‍රිකZZ සම්බන්ධතා පවත්වා තිබේ. එම සියළු ලේඛණ වල සටහන්ව ඇත්තේ ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස ය. භාතිකාභය රජ රෝම රාජ්‍යය පාලකයා ගෙන් ලබා ගත් රතු පබළු වලින් රුවන්වැලි සෑය සරසා තිබේ. මෙරටින් ගිය නියෝජිතයින්ට රෝම පාලනය පබලූ සපයා ඇත්තේ බෞද්ධ රාජ්‍යයේ ධර්ම කටයුතු වල උන්නතිය උදෙසා ය. එම රාජකීය ලිපි ලේඛණ මෙරට බෞද්ධ රාජ්‍යයක් යන්න සටහන් කිරීම සුවිශේෂ ය.
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අප රට අවස්ථා තුනකදී ආක්‍රමණය කරන ලදී. පෘතුගීසි හා ලන්දේසි ලේඛණ වල මෙරට පවතින්නේ බෞද්ධ රාජ්‍යයක් යන්න සඳහන් කර තිබේ. ඔවුන් යුද්ධ අවස්ථාව හැර අන් සෑම විට ම බෞද්ධ රාජ්‍ය සැලකිල්ලවෙහෙර - විහාර වලට දක්වා ඇත. ඉංග්‍රීසි පාලන සමයේ මෙරට විසූ මහා සංඝරත්නය සතු දැනුම හා බුද්ධිය පිළිබඳ ඔවුන් පුදුමයට පත්ව තිබේ. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ජර්මන් ජාතික ඉතිහාසඥ විල්හේල්ම් ලූඩ්වින් ගයිගර් දක්වා ඇත.
වර්ෂ 1815 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් විය. මෙය යුධ ජයග්‍රහණයක් නොවන බව අවධාරණයෙන් දත යුතු වෙයි. ස්වදේශික ප්‍රභූන් හා ඉංග්‍රීසි පාලකයන් අතර ඇති වූ ගිවිසුමකින් යටත් කරනු ලැබූවක් වේ. මෙම ගිවිසුම මගින් බි්‍රතාන්‍ය සුදු පාලකයන් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් යන්න පිළිගැනුනි. එම නිසා ගිවිසුමෙන් සුදු පාලකයන් බෞද්ධාගමේ පැවැත්ම උදෙසා වන සියළු පහසුකම් සැපයීමට එක`ග විය. පාලන බලයේ අධිකාරීත්වය මාරුවීමේ දී ඉංග්‍රීසීන් පවා මෙරට පැවතියේ සිංහල බෞද්ධ රාජ්‍යයක් යන්න පිළිගෙන තිබේ.
ඕනෑම රටක ශිෂ්ඨාචාරය ගොඩනැගීම කෙරෙහි එරට ආගම හේතු වේ. මෙවැනි සමාජයන් හි පාලන නීති සම්පාදනයට ද ආගමික ඉගැන්වීම් මුල් කර ගනියි. බටහිර සියළු රාජ්‍යයන් කිතු දහම මුල් කොට ගෙන ගොඩනැගී තිබේ. එය ඔවුන් ගේ ලේඛණ හා අදහස් වලින් ප්‍රකාශ කරන අවස්ථා එමට ය. එපමණක් නොව ඉන්දියාව හින්දු රාජ්‍යයක් වශයෙන් බටහිර ලෝකය පිළිගනියි. සැබවින් ම ඉන්දියානු සමාජය හා පාලන මූලධර්ම හින්දු පිළිගැනීම් වල ලකෂණයන්ගෙන් යුක්තය. ලෝක මට්ටමෙන් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බව ඓතිහාසික වශයෙන් පිළිගනු ලැබූවකි. ඉහත ගෙනහැර දක්වනු ලැබුවේ බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබූ මහා පොදු ගුණාකාර සාධකයන් වේ. එහෙත් සමහර බටහිර න්‍යායපත්‍ර ක්‍රියාධරයන් බෞද්ධ රාජ්‍යයක් ලෙස හැඳින්වීමට එරෙහි වෙති. ඔවුන් ස`ගවන්නට තැත්කරන්නේ මෙරට ඓතිහාසික උරුමයේ යතාර්ථ සත්‍යයයි.
එළාර රජු උතුරු ප්‍රදේශය වසර 44 ක් පාලනය කරනු ලැබීය. ඔහු මෙරට පැවති සිංහල බෞද්ධ පිළිවෙතට එරෙහිව ක්‍රියා කළේ නැත. රජතුමා නොදැන ඔහුගේ පාර්ශවය ගත් පිරිස් බෞද්ධ වෙහෙර විහාරස්ථාන වලට අලාභානි කළ අවස්ථා නැතුවා නොවේ. යම් යම් අවස්ථාවල බෞද්ධ සැදැහැවතුන් හිංසා පීඩා වලට මෙන් ම ජීවිත හානි වලට මුහුණ දුනි. මෙවැනි අපරාද දැනගත් විගස එළාර රජු තම පාර්ශවයේ සෙබලූන්ට උපරි ස~ුවම් දෙන ලදී. එවැන්න අනුගමනය කරනු ලැබුවේ බෞද්ධ රාජ්‍ය පිළිගැනීම් වලට නොගැලපෙන හැසිරීම් වන බැවිනි. දුටුගැමුණු රජතුමා එළාර රජුව පරාජය කොට ද්වන්ධ සටනකින් මරා දැමුවේ ඉන්දීය ආක්‍රමණයකට එරෙහිවය. අනතුරුව සක්විති රජෙකුට ලබා දෙන උපහාර සහිත ආදාහනයක් සිදුකරන ලදී. සොහොන් ගැබ පසුකරන සියලූ වැසියන්ට එයට ගරු කළ යුතු බවට නියෝග මාලාවක් නිකුත් කෙරීය. මෙවැන්න අනුගමනය කිරීමෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක ගුණධර්මමැනවින් විධාරණය වේ.
මෙරට ඉතිහාසයේ මුල්බැස ගත් සමාජ රටාවේ යතාර්ථය තේරුම්ගත යුතු ය. යකෂ,නාග,දේව,රාකෂ ගෝත්‍රික ජනයා මෙරට මුල් ම ජනාවාසිකයෝ වේ. අනතුරුව මෙරටට වරින්වර ඉන්දියාවෙන් ආර්යයන් සංක්‍රමණය වී තිබේ. මුල් සඳහන් දේශීය ගෝත්‍රිකයන් හා ආර්ය කණ්ඩායම් එක්වීමෙන් සිංහල ජනවර්ගය ගොඩ නැගී ඇත. ජාතියක සභ්‍යත්වයේ පදනම එරට ආගමෙන් ගොඩ නැගෙයි. මෙය සමස්ථ ලෝකයේ සෑම රාජ්‍යයකට ම පොදු වන්නක් වේ. ඒ අනුව ලංකා රාජ්‍ය zzසිංහල බෞද්ධ සංස්කෘතිකZZ රටකි. මින් පැහැදිලි වන්නේ අනාධිමත් කාලය කසිට සිංහල ජනයා බෞද්ධ සිරිත් විරිත් මත ගොඩ නැගී ඇති බවයි.
යාපා පටුනේ අතීතය පිළිබඳ පුළුල් හා ගැඹුරු පර්යේෂණයක් zzමහින්ද කුමාරZZ මහතා සිදුකර තිබේ. ඔහුට අනුව අකුණු ඉන්දියානු ජනයා හා පෘතුගීසීන් සමාන්තර අවධියේ යාපනයට පැමිණ ඇත. මින් දකුණු ඉන්දියානු ජනයා උදේට පැමිණ යාතිකාකොට හවසට ගොස් තිබේ. මෙම බ්‍රාහ්මණ පවුල් අතර රඝු වංශිකයෝ ද විය. මෙම පිරිස් අතර උප සංස්කෘතියක ලකෂණ පැවතිය බව අනාවරනය කරගෙන ඇත. මොවුන් අතුරන ලද ලී කොටන් පලූ වැල් වලින් බැඳි පාවෙන පාලම් ඔස්සේ යාම් - ඒම් කර ඇත. මෙම පූජකවරුන් අරීය බ්‍රහ්මණ අට්ටි පරම්පරාවට අයත් ය. ඔවුන් පැමිණෙන විටත් යාපනය පුරා සිංහල ආර්ය භාෂාව භාවිතා කර ඇත. ඔවුන් ගේ වන්දනාමාන කටයුතු සඳහා වූ බෞද්ධ ඉදිකිරීම් රාශියක් විසිර පැවතියේ ය. එම පිරිස් සමග අට්ටි ප්‍රහ්මණයන් යාපනයේ වාසය කර ඇති අතර ඔවුන් දෙමළ නොවේ. මොවුන් සිංහල බෞද්ධ සංස්කෘතික රාජ්‍ය පාලනයට එරෙහි නොවන ලෙස සාමකාමීව විසූ පිරිසකි. අනතුරුව යාපනයට පැමිණි පෘතුගීසීන් කුලීකරුවන් ලෙස දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් රැගෙන විත් තිබේ. ඔවුන් පැවති බෞද්ධ සමාජ පාලන වටපිටාවට එරෙහි නොවූ වාසය කරන්නන් ලෙස ජීවත් වූහ. මෙම ජනයාට පියවරක් රජවරු නොගත්තේ එය සිංහල බෞද්ධ රාජ්‍ය පාලනයේ අවිහංසාව පෙරදැරිව ය. සිංහල රජවරුන්ගේ නියමයන්ට අනුව එහි පාලන කටයුතු පවත්වාගෙන යාමට පාලකයන් 56 ක් පත්කරන ලදී. ඉන් සමහරක් දෙනා ඔවුන් අතරින් පත් කළේ ජන වර්ගයේ යහපත් උන්නතිය උදෙසා ය. මෙවැන්න බෞද්ධ සිංහල රජවරුන් තුළ පැවති උත්තම මානව ගුණයකි. යාපනය පුරා පවතින බෞද්ධ පුරාවස්තු රාශියක තොරතුරු ස්ථානීය වශයෙන් ඉතිහාසඤයන් හා පුරාවිද්‍යාඥයන් අනාවරනය කරගෙන තිබේ. මැදපෙරදිග භූමියේ මතුපිට සස්ශ්‍රීකත්වයෙන් තොර භූගෝලීය තීරයකි. එම නිසා එම රටවල වැසියන්ට මාතෘභූමියේ උත්පාදිත රැකියා නොවීය. මුස්ලිම්වරු සෙසු රටවල භාණ්ඩ එකතු කොට ඉටහිර රාජ්‍යයට අලෙවිකරනු ලැබීය. පාරම්පරිකව වෙළඳාමේ නියලූනු ඔවුන් වාණිජ කටයුතු වල විශේශ ප්‍රගුණයක් ලද්දෝ වූහ. කිතුණු භක්තිකයන් සතු කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි මුස්ලිම්වරු කුරුස යුද්ධයෙන් පසු අත්පත්කරගත් වෙළඳ ලෝබය හේතු කොටගෙන ය. මෙම මුසල්මාන් - ක්‍රිස්තියානි වෛරය සන්සිඳවිය නොහැක්කකි. එහි එක් අන්තයක් ලෙස ලංකාවේ වෙරළබඩ අල්ලා ගත් පෘතුගීසීන් මුස්ලිම් ප්‍රජාව පන්නා දැමීමට ක්‍රියා කළේ ය. ක්‍රි.ව. 1600 දී කන්ද උඩරට පාලක සෙනරත් රජුගෙන් මුස්ලිම්වරු රටින් පන්නා දමන ලෙස පෘතුගීසීහු ඉල්ලා සිටියහ. එය බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායට නොගැලපෙන්නක් නිසාරජු ඉල්ලීම ඉටු කිරීමට එක`ග නොවීය. පෘතුගීසි කෙනෙහිලිකම් වලින් මුස්ලිම්වරු මුදවා ගැනීමට සෙනරත් රජු උපායික පියවරක් අනුගමනය කළහ. තම කන්ද උඩරට රාජ්‍ය බලප්‍රදේශයට අයත් නැගෙනහිර පලාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරු පදිංචිකරවා රැකවරණය දෙනුලැබුවේය. මෙය සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායේ සංහිදියා ධර්මතාවය පෙරදැරිකරගත් අවස්ථා වේ. සිංහල කාන්තාවන් විවාහකරගත් මුස්ලිම්වරු එම වාසගම් භාවිතයට ගනු ලැබීය.
මෙරට ඉතිහාසය තුළ ඒකාධිපති රජවරුන් බිහිනොවීම සුවිශේෂී තත්වයකි. එහිලා බලපා තිඛෙනුයේ සිංහල බෞද්ධ රාජ්‍ය පාලන සංකල්පීය භාවිතයන් ය. පාලන මූලධර්මයත් හා භාවිතයන් ගොඩනැගී තිඛෙනුයේ මෛත්‍රීය හා කරුණාව මුල්කරගෙන වේ. පෙර රජවරුන් දිවයින පුරා බලය ව්‍යාපත කරනු ලැබුවේ බෞද්ධ පාලන සම්ප්‍රදායන්ට අනුව ය. එම නිසා ජාති, ආගම්, හා කුල පීඩන සිදුකිරීමට රාජ්‍ය යාන්ත්‍රණයෙහි ඉඩක් නොවීය. මෙම අරමුණු සන්නිවේදනය කිරීම වෙනුවෙන් රට පුරා ඉදිකළ ආගමික මධ්‍යස්ථාන වල නෂාඨවශේෂ දසතින් හමු වේ. ශත වර්ෂ 25 කට ආසන්න කාලයක් සිංහල බෞද්ධ රාජ්‍ය අන් ජාතීන්ට හා ආගම් වලට හිංසා වන ලෙස ක්‍රියා කර නොමැත.
ඉටහිරින් ගොඩබට සංකල්පයක් සේ ලා ''සංහිදියාව'' දිවමතුරක්කොට ගෙන තිබේ. එය අපේ දේශයට අමුතු අළුත් දෙයක් නොවන බව ඉතා හොඳින් පැහැදිලිය. සිංහල බෞද්ධ රාජ්‍ය පාලන යටගියාවේ භාවිතයන් ඉහත ගෙනහැර දැක්වීම් වලින් පැහැදිලි වේ.
අතීත රජවරු රාජ්‍ය පාලනයේ දී බුදුන් වහන්සේ වදාළ සප්ත අපරිහානී ධර්මයන් අනුගමනය කළහ. ඒ මත රාජ්‍ය අභිෂේක උත්සවවල දී රජවරු ප්‍රතිඥා දෙනුලැබුවෝය. අග්ගඥ සූත්‍රයේ සඳහන් සුභසාධන ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් රජවරු අනුගමනය කරනු ලැබූහ. රටවැසි ප්‍රතිපත්තිමාලාව ක්‍රියාත්මක කරනු ලැබුවේ මුල් බුදු සමයේ ආණ්ඩු පාලන බලය ප්‍රාදේශීය පාලන ඒකක දක්වා විමධ්‍යගත කර තිබුණි. ඒ අනුව රජවරු ප්‍රාදේශීය පාලකයන් ඔස්සේ ක්‍රියාත්මක වූයේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයකි. පැවති ගම්සභා ක්‍රමය සිය පාලන ක්‍රමයේ ව්‍යුහගත සංයුක්ත ලකෂණයකි. මෙහිලා බුදුන් වහන්සේ වදාළ දසරාජ ධර්ම ප්‍රතිපත්ති ද අනුගමනය කරනුලැබ තිබේ. එවක ලිච්චවී රාජ්‍ය පාලන භාවිතයන් ද සිංහල බෞද්ධ රාජ්‍ය පාලනය විචිත්‍රවත්කර තිඛෙන බව පැහැදිලි ය.
මහාවංශය මෙරට සිංහල බෞද්ධ රාජ්‍ය පැවැත්ම මැනවින් වාර්තාකර තිබේ. එය හුදු ලේඛණයක් නොවන බව සෙල් ලියි හා පුරාවස්තු තාර්කිකව සකාථ කර ඇත. සිංහල බෞද්ධ රාජ්‍ය පාලනය සංහිදියාව, සාධාරනත්වය හා සහජීවනයේ මුදුන්මල්කඩ බඳු ය. ලියුම්කරු ඇතුළු බොහෝ දෙනා පිළිගන්නා විවිධ සංකල්ප සහ මත තිබිය හැක. එහෙත් සත්‍ය අධ්‍යනයෙන් ඓතිහාසික රාජ්‍ය පාලනයේ සිංහල බෞද්ධත්වය තේරුම්ගත යුතු ය.
ආචාර්ය ලකෂ්මන් වසන්ත රුක්මාල්

