Saturday, July 14, 2018

අලි පේර තේ පානය​.........


          රසවත් මෙන්ම ගුණවත් පලතුරක් සේම අලිගැටපේර ශාඛයේ කොළ ෂධයක් ලෙස විවිධ රෝගාභාද​​  සඳහා ප්රයෝජනවත් වන ඖෂධයකි. ලොව පුරා ශාක විශේෂඥයින් අලිගැටපේර ශාඛයේ කොළ විවිධාකාරයේ සෞඛ්යමය ගැටළු මැඩපවත්වාගත හැකි ෂධයක් ලෙස දිගු කලක් තිස්සේ භාවිතා කර ඇත.
මධ්යම ඇමරිකාවේ මෙක්සිකෝ ප්රදේශය අලිගැටපේර පැලෑටි යේ නිජබිම ලෙස හැඳින්විය හැක​ . දැන් අලිගැට පේර ශාකය ගෙවතු ශාකයක් ලෙස ලෝකයේ විවිධ ප්රදේශවල වගා කර ඇත. ලතින් භාශාවෙන් Persea Americana Miller නම් වන ශාකය දැන් දකුණු සහ මධ්යම ඇමරිකාවේ බහුලව වගා කෙරේ. විවිධ වර්ගයේ රෝගයන්ට ප්රතිකාර කළ හැකි අලිගැට පේර ශාඛයේ කොළ බොහෝ විට සම්ප්රදායික අමුද්රව්යයකි.
අලිගැටපේර ශාඛයේ කොළ පැණි රසයෙන් යුක්ත නමුත් මුත්‍ර වර්ධකයක් ලෙස ප්රයෝජනවත් වන අතර Staphylococcus sp, Pseudomonas sp, sp protectus, escherichea sp සහ Bacillus sp වැනි වැනි බැක්ටීරියා වර්ග වල වර්ධනයට බාධා කරයි. මීට අමතරව  මුත්රා ගල්, අධි රුධිර පීඩනය හා හිසරදය සුව කළ හැකිය. තේ පානයක් ලෙස​ සෑදූ අලිගැට පේර කොළ වලට ස්නායු වේදනාව, බඩේ වේදනාව, බඩ පිපුම​ සහ අක්රමවත් ඔසප් වීම ආදිය පාලනය කල හැක​.....
                                                                  පොත පත ඇසුරින්.........


Thursday, June 21, 2018

ලේඛණයට පිවිසි නව යොවුන් ලේඛිකාව​



                      හිරුණී හංසිකා තවමත් පාසල් වියේ පසුවන නව යාෙවුන් ලේඛිකාවකි. ලමා පුවත්පත් වලට ගද්‍ය මෙන්ම පද්‍ය රචණා පල කිරීමෙන් ලේඛණය අැරඹූ අැය තම ලෙඛණ දිවියට නව අාරම්භයක් තබමින් සුන්ඩා අාගාධයේ අභිරහස් මංකොල්ලය කෘතිය පසුගිය වසරේ පාඨකයන් අතට තිලිණ කළේ තමන් ඉගෙනුම ලබන විදුමව් පියස වන කහෙපාල ශ්‍රී පඤ්ඤානන්ද විදුහලේ ගුරු උපහාර උත්සවයේ දී ය. අැය තම විදුහලේ විදුහල්පතිතුමන් අැතුළු ගුරුමණ්ඩලය තමන්ට දක්වන සහය නිතර සිහිපත් කරයි. සිතුවම් අැදීමේ දක්‍ෂයකු ද වන අැය තම කෘතියට අන්තර්ගත කළේ  ද තම අතින් අැඳි සිතුවම් විය​.
                      ලේඛණයට, සිත්තමට, ගායනයට, නිවේදනයට මෙන්ම අැය ක්‍රීඩාවට ද ඒක සේ දස්කම් දක්වයි. පසුගිය වසරේ පාසලේ විශිෂ්ඨ දියණිය ලෙස සම්මානයට පාත්‍ර වූ අැය තම අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය භාහිර කටයුතු වලදී පාසලේ කැපී පෙනන චරිතයකි. පාසලේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අැය මේ වන විට තම දෙවන කෘතිය එළිදැක්වීමට සූදානමින් සිටී. දැනුම විනෝදය අපි අැයගේ අනාගතයට සුභපැතුම් එක් කරමු.