නිතර අධික වෙහෙසක් දැනීම, හිසරදය. නිතර දහදිය පිටවීම, පෙනීම අඩුවීම, නිදිමත
ඇතිවීම, ක්ලාන්ත ගතිය, නිතර තිබහ ඇතිවීම, කෑම අරැචිය වැන් රෝග ලක්ෂණ බොහෝමයක් අධි
රැධිර පීඩණය ඇති පුද්ගලයෙකුගෙන් පෙන්නුම් කරයි. අධි රැධිර පීඩනය ඇති සෑම කෙනෙකුටම
මෙම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.
මෙවර අපි අධි රැධිර පීඩණයෙන් පීඩා විඳින
ඔබට එය පාලනය කර ගැනීම සඳහා උපකාරීවන ඔබට නිවසේ සකසා
ගැනීමට හැකි අත් බෙහෙත් කිහිපයක් හඳුන්වාදීමට සූදානම්ව සිටිමු.
- බෙලි කොල 5g ක ප්‍රමාණයක් ගෙන එයට ගම්මිරිස් ඇට 10ක් පමණ එකතු කර හොඳින් අඹරා අඩු කෝප්පයකට දමා කෝප්පයෙන් භාගයක් පමණ වනසේ පිරිසිඳු ජලය එක්කර එම පානය මේස හැඳි 1 බැගින් උදේ සවස බොන්න.
- කොල්ලු, බැබිල, සුදු ළූණු කලං 4 බැගින් ගෙන ජලය පත 8ක් එක් කර 1කට සිඳවා පෙරා උදෙ සවස බොන්න.
- කරපිංචා කොළ කැඳ දිය කිරෙන් සකසා ලුණු ස්වල්පයක් එක් කර පානය කරන්න.
පුරාණ වෙද අත් පොතක් ඇසුරෙනි
(දැනුම විනෝදය)








