පැහැපත් සමක් ලබාගනීමට නම් සම
පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කරුනකි. උදෑසන මෙන්ම රාත්‍රී නින්දට පෙරත් වඩා ක්‍රමවත්
පිරිසිදු කිරීමක් කළ යුතුය. දහවල් කාලය තුළ රැස්වන දූවිලි මේකප් ආලේප ආදිය ඉවත්
කිරීම සඳහා වතුරෙන් පමණක් මුහුණ සේදීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා භාවිතා කරන Face wash,
Cleanser වෙනුවට
එදිනෙදා ගෙදර දොරේදී හමුවන දෙහි යුෂ, පිපිඤ්ඤා යුෂ, අර්තාපල්
යුෂ ආදිය භාවිතා කළ හැක.
§
සමට පෝෂණය ලබාදීම සඳහා සතියකට
දෙවරක් වත් ස්වාභාවික ඔසු ද්‍රව්‍ය වලින් සාදන පැක් වර්ගයක් භාවිතා කිරීම ඉතා යෝග්‍යය.
එසේම පළතුරු වලින් සාදාගන්නා ආලේප ද ඉතා සුදුසුය. මේ සඳහා අලිගැටපේර(Avocado), පැපොළ්(Papaya), කොමඩු(Water
melon) සහ
ඇඹුල් දොඩම්(Orange) ඉස්ම යොග්‍ය වේ.
§
සුදු හඳුන් ඇල් දියෙන් ගලගා ශරීරයේ
ආලේප කර මිනිත්තු විස්සෙන් පමණ පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. කොකුම් පොතු, වැල්මී, වදකහ
ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම පැහැපත් වේවි.
§
දෙහි යුෂ සහ පිපිඤ්ඤා යුෂ තේ හැඳි ½ බැගින්
මිශ්‍ර කර ගාන්න. මිනිත්තු දහයකට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. තෙල් සහිත සමට
සුදුසුයි.
§
බිත්තර කහ මදය, ඔලිව්
තෙල් හා දෙහි ඉස්ම තේ හැන්දක් බැගින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු විස්සකින්
පමණ සෝදා හරින්න. මෙය වියළි හමට ඉතාම සුදුසු සත්කාරයකි.
§
කඩල පිටි ස්වල්පයක් දෙහි ඇඹුලින්
අඹරා තලපයක් මෙන් ගා ඇල් දියෙන් අඹරා ගා මිනිත්තු දහයකින් පමණ සෝදා හරින්න. කළු සහ
සුදු ලප නැතිවේ.
§
රත් හඳුන් මී පැණියෙන් ගලගා ගාන්න.
ලොත්සුඹුල් සහ කොත්තමල්ලි ඇල් දියෙන් අඹරා ගාන්න. කුරුලෑ සඳහා ඉතා යොග්‍යයි.
දැනුම විනෝදය

No comments:
Post a Comment