Friday, February 3, 2017

පිළිකා නසන මඤ්ඤොක්කා වලින් ඔසුවක්

මඤ්ඤොක්කා වල පිළිකා නසන ගුණ ඇතිබව ඔබ දැනටමත් අසා ඇති. නමුත් ඔබ වෙළදපොලෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා වල ප්‍රමිතිය පිළිබදව ඔබ සැලකිලිමත් විය යුතුයි. මඤ්ඤොක්කා අල ප්‍රධාන වශයෙන් ශක්තිය ලබාදෙන ආහාරයක් වන අතර එහි පත්‍ර වැඩි ප්‍රෝටීන් හා ඛණිජලවන (කැල්සියම් හා යකඩ) අඩංගු පලා වර්ගයකි. ඔබට ඉතාමත් පහසුවෙන් වවාගත හැකි ශාකයක් වන මඤ්ඤොක්කා වලින් ශරීරයට පිළිකා නසන ගුණ ඇති පානයක් සකසා ගන්නේ කෙසේදැයි අප මෙම ලිපියෙන් ඔබට හදුන්වා දෙමු.

සාදන ක්‍රමය 100g ක් පමණ වන මඤ්ඤොක්කා අලයක් ගෙන හොදින් පිරිසිදු කර  එයට පිරිසිදු කරගත් ජලය(රත් කර නිවා ගත්) වීදුරැවක ප්‍රමාණයක් එක්කර බ්ලෙන්ඩරයක් මගින් හොදින් අඹරා ගන්න. පසුව එම මිශ්‍රණය වීදුරැවකට දමා ශීතකරනයේ පහත කොටසේ තබන්න. (මෙය වඩාත් සුදුසු වන්නේ සවස සකසා ශීතකරනයේ තැබීමයි) පසුදින උදෑසන මෙම මිශ්‍රණයේ මන්ඩිලෙස තැම්පත් වී ඇති මඤ්ඤොක්කා නැවත කලවම් නොවන සේ පරිස්සමින් උඩින් පෑදී ඇති ජලය ටික වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එය කොටස් දෙකකට බෙදා උදේ සවස පිළිකා රෝගියෙකුට ලබා දීමෙන් ඔබට පුදුම සහගත ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේවි.

No comments:

Post a Comment