Friday, February 3, 2017

කොලෙස්ටරෝල් තැම්පත් වීම වලක්වා ගැනීමට දේශීය ඔසුවක් සාදාගන්නා ආකාරය

කුරැඳු සහ මුරැංගා කොල ඉතාමත් ඉහල ප්‍රති ඔක්සිකාරක ගුණයකින් යුත් ආහාර වර්ග දෙකකි. මී පැණි සමග කුරැඳු හා මුරැංගා මිශ්‍ර කර සාදාගන්නා විශ්මිත දේශීය ඔසුවක් සාදා ගන්නා ආකාරය අපි බලමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ
කුඩු කරගත් කුරැඳු 100g ක්
වේලාගෙන කුඩු කරගත් මුරැංගා කොල 200g
(කරල් මුරැංගා කොල)
මීපැණි 180ml


කුරැඳු කුඩු හා මුරැංගා හොඳින් කලවම් කර එයට මී පැණි එක් කර කල්කයක් සේ සකසා ගන්න. පසුව එය පිරිසිඳු කරගත් භාජනයකට දමා දවසට තුන් වරක් ආහාර ගැනීමට පැය භාගයකට පෙර තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න. ප්‍රමාණය වැඩි වූවාට ප්‍රශ්නයක් නැත. මෙම ඔසුව මාසයක් පමණ එක දිගට භාවිතා කර කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර බලන්න. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වී ඇති බව ඔබට පෙනේවි.

No comments:

Post a Comment