අන්තර් ජාලය
හරහා මුදල් ඉපයීම අද ලෝකයේ බොහෝ රට වල තරැණ තරැණියන් තම ප්‍රධාන ආදායම් මාර්ගය
කරගෙන සිටිති. ශ්‍රී ලංකාව තුලද අද බොහෝ දෙනා අන්තර්ජාලය හරහා තම සේවා ලබා දෙමින්
හොඳ ආදායමක් ලබති. මෙහිදී ප්‍රධාන කරැණ වනුයේ
ව්‍යාජ වෙබ් අඩෙවි වලට නොරැවටී නියම ආදායමක් ලබා ගත හැකි වෙබ් අඩෙවි හඳුනා
ගැනීමයි.
අද අප කතාකරන්නේ
ඉතාමත් සාර්ථක ලෙස ඔබගේ හැකියාව උපයෝගී කර ගනිමින් ඉතා හොඳ ආදායමක් ලබා ගත හැකි
වෙබ් අඩෙවියක් පිළිබඳවයි.
Fiverr.com ඔබේ හැකියාව
අනුව ඉතාමත් හොඳ ආදායමක් ලබා ගත හැකි වෙබ් අඩෙවි වලින් එකකි. අද වන විටත් ලාංකික
බොහෝ දෙනා Fiverr.com හරහා ඉතා හොඳ ආදායමක් ලබමින් සිටී.
ග්‍රැපික්
ඩිසයිනින්, ලෝගො ඩිසයිනින්, ටයිප් සෙටින්, ඔන්ලයින් මාකටින් ඇතුලු බොහෝ සේවාවන්
ඔබට මෙහිදී අලෙවි කරගත හැක. ඔබ Fiverr.com හි ලියාපදිංචි වී ඔබට ලබා දිය හැකි සේවාවන් 20කට ආසන්න ප්‍රමාණයක් ඔබට
අලෙවි කිරීමට හැකිය.
උදාහරණයක් ලෙස
ඔබ ලෝගො ඩිසයිනින් හැකියාව ඇති අයෙක් නම් ඔබට එම සේවාව ලබා දීම සඳහා ලියාපදිංචි වූ
වී Fiverr.com තුල ජිග් එකක් ඔබට සෑදිය හැකිය.එම ජිග්
එක නරඹන කෙනෙක් ඔබට ඕඩරයක් භාර දෙයි. එහිදී එම වැඩය ඉක්මණින් නිම කර ලබා දීමට ඔබ
වග බලා ගත යුතුය. ඔබේ නිර්මාණය පිළිබඳ ඔහු සතුටු නම් ඔහු මුදල් ගෙවා එය ලබා ගනී.
මුලදී $5ක් පමණ මුදලකට ඔබට මෙම සේවා විකිණිය හැකි අතර ඔබගේ
හැකියාව අනුව මෙම මුදලද තවත් වැඩි කර ගත හැකිය. මෙම සේවාවට අමතර වෙනත් හැකියාවන්
ඔබට ඇති නම් මෙවැනි ජිග් කිහිපයක් සෑදීමේ අවස්ථාව Fiverr.com ඔබට සලසා දෙයි. මෙම වෙබ්
අඩෙවිය හා එක් වී මසකට රැපියල් ලක්ෂයකට වඩා ඉපයීමට බොහො දෙනා සමත්ව සිටී.
Fiverr.com පිළිබඳ
තවත් තොරතුරැ ලියා පදිංචිවන්නේ කෙසේද යන්න හා උපයන මුදල් අප ලබා ගන්නේ කෙසේද යන්න
පිළිබඳව අප ඉදිරි ලිපි මගින් ඔබ දැනුවත් කරමු.

No comments:
Post a Comment