Monday, February 6, 2017

කුරැලෑ ඔබට හිසරදයක්ද?

යොවුන් වියට පැමිණි කාන්තා පිරිමි කාහටත් ඇතිවන විශාලතම ගැටළුවක් වන්නේ මුහුණේ කුරුලෑ ඇති වීමයි.මේ තත්වය මුළු ලෝකයපුරා තරැණ තරැණියන් මුහුණ දෙන ගැටලුවකි.ලොව පුරා සිටින සෑම තරුණියන් දහදෙනෙකුගෙන් හත්දෙනෙකුම කුරුලෑ ඇතිවීමේ ගැටලුවට මුහුණ දී සිටිනවා.මුහුණේ කුරුලෑ ඇතිවීම වයස් භේදයකින් තොරව ඇති විය හැකි තත්වයක්.නමුත් වැඩි වශයෙන් කුරුලෑ ඇති වන්නේ යොවුන් වියේදී ය.යොවුන් වියේදී ඇතිවන හෝමෝන ගැටලූ,මානසික ආතතිය ආදී හේතු නිසා මෙම කුරුලෑ තත්ත්ව හටගැනීමේ හැකියාව පවතිනවා.මේවට විසදුමක් ලෙස බොහෝ අය සොයා බැලීමකින් තොරව විවිධ ආලේපන භාවිතා කිරීමට පෙළඹී සිටිනවා.නමුත් ඒවායින්  විවිධ අසාත්මිකතා ඇති වී මුහුණ අවලස්සන වීමට හේතු වනවා.
රුවැති ලදුන් සදහා ප්‍රසිද්ධ රටවල් වූ ග්‍රීසිය,ඊජිප්තුව ආදී රටවල කාන්තාවන් අතීතයේ සිට පවත් ආ බෙහෙත් වර්ග කුරුලෑ සදහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගනු ලබනවා.එලෙස ගන්නා බෙහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා පහතින් දක්වා ඇත.

ඉන්දියානුවන් භාවිතා කරන අත් බෙහෙත්
කඩල පිටි මේස හැදී 2 ට මී කිරි හා කහ කුඩු එකතු කරගෙන මිශ්‍රණයක් සදා එය මුහුණෙහි ආලේප කිරීමෙන් ඉන්දියානු කාන්තාවන් කුරුලෑ මර්දනය කර ගන්නිමට පෙළඹී තිබෙනවා.කහවල ඇති ඕෂධීය ගුණයෙන් කුරුලෑ නැතිවී යන බව ඔවුන්ගේ මතයයි.
ග්‍රීක කාන්තාවන් භාවිතා කරන අත් බෙහෙත්
ග්‍රීක කාන්තාවන් අතර ප්‍රචලිත අත් බෙහෙතක් වන්නේ ඇපල් ගෙඩියකින් භාගයක් පොඩි කර එයට මී පැණි තේ හැදී 4ක් එකතු කර එය කුරුලෑ වල අලේප කිරීමයි.මෙසේ අලේප කර එය විනාඩි 15 ට පසු පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුයි.
ඊජිප්තු භාවිතා කරන අත් බෙහෙත්
ඊජිප්තුවේ පාරම්පරාවෙන් පැවතෙන අත් බෙහෙතක් වන මෙම ප්‍රතිකාරය කුරුලෑ සහා යොදා ගැනීමෙන් ඉක්මණින් සුව වන බව කාන්තාවන් පැවසෙයි. මෙහිදී දෙහි ගෙඩි 1 ක යුෂ හා ග්ලිසරින් තේ හැදී 1 ක ප්‍රමාණයක් උණු වතුරට දමා එය තරමක් නිවුණු පසු එළකිරි කෝප්ප 1/4 ක ප්‍රමාණයක් එකතු කිරීමෙන් සකසා ගත හැකියි. මෙම මිශ්‍රණය මුහුණේ ගලවා වියලුනු පසු මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කිරීම කල යුතුයි.

අන්තර්ජාලය ඇසුරෙනි
දැනුම විනෝදය

No comments:

Post a Comment