විශාල ආදායමක්
ලබාගත හැකි (MLM) Multi-Level Marketing
මෙම වෙළද ක්‍රමය
(MLM) Multi-Level Marketing, Network
marketing මෙන්ම Referral
marketing ලෙසද හදුන්වනු ලබයි. ලංකාව තුල පිරමීඩ ලෙස ප්‍රසිද්ධ
මෙම ව්‍යාපාර ක්‍රමයට ඇසූ පමණින් ලාංකික බොහෝ දෙනා බියක් දක්වන්නේ මෙරට තිබූ
වංචාකාරී පිරමිඩ ආයතන නිසාවෙනි. පිරමිඩ යන නම ඇසූ පමණින් බිය උපදවන සුළු වුවද ඕනෑම
ආයතනයක් ව්‍යාපාරයක්,පාසලක පරිපාලන ව්‍යුහය හෝ පාර්ලිමේන්තු ව්‍යූහය ගත් කලද
පිරමිඩාකාරය.
නමුත්
ලොව බොහෝ රටවල (ලංකාව ඇතුළු) ඉතාමත් සාර්ථක ලෙස පවත්වාගෙන යන (MLM) ආයතන බොහෝ ප්‍රමාණයක් විසිර පවතී. එම ආයතන හා
එක්වූ බොහෝ දෙනා මසකට විශාල ආදායමකට හිමිකම් කියයි. භාණ්ඩ හා සේවා මිලදී ගත්
පාරිභෝගිකයා අලෙවි නියෝජිතයා බවට පත්වීම මෙහි එන සරල ක්‍රමයයි. මෙම ක්‍රමය මගින්
සිදුවන්නේ භාණ්ඩ විකුණන අතරමැදියා මෙන්ම ප්‍රචාරණය කරන්නා වන්නේද පාරිභෝගිකයාම
වීමයි. අතරමැදියන් මෙන්ම ප්‍රචාරණ වියදමින් තොරව සිදුවෙන මෙම වෙළදාමෙන් ලබන ලාභය
ඉතා විශාල වන අතර ඉන් කොටසක් නැවත පාරිභෝගිකයා හට ලබා දීම මෙහිදී සිදුකරනු ලබයි.
තව දුරටත්
පැහැදිලි කරනවා නම් අතරමැදි ලාභය ලබා ගැනීම මගින් බොහෝ ආයතන මෙන්ම බොහෝ සංවර්ධිත
රටවල් ආර්ථිකයෙන් ශක්තිමත්කල විශ්මයයි. ලෝක බලවතා වන ඇමරිකාව මින් ප්‍රමුඛස්ථානයක්
ගනියි. වෙනත් රටවල නිපදවන තෙල් ඇතුලු තවත් බොහෝ නිෂ්පාදන විකිණීමේ අතරමැදියා වී අද
ඔවුන් ලෝකයේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියයි. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ගේ ජීවිත කථාව සොයා බලන්නේ නම් (MLM) ඔහුගේ ශක්තිය බව ඔබට වැටහේවි.
විශේෂයෙන්ම
ආයතනය පටන්ගෙන පවත්වාගෙන යන කාලසීමාව අයතනයේ සාමාජික සංඛ්‍යාව මෙන්ම ඔවුන් සපයන
භාණ්ඩ හා සේවා වල පමාණය හා ගුණාත්මකභාවය පිළිබද ඔබ සැලකිලිමත් විය යුතු අතර.
විකුණනු ලබන භාණ්ඩ හා සේවා වල වෙළදපොල වටිනාකම පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් විය
යුතුය. මන්ද ලංකාව තුල පැවති ආයතන ඉතා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ ඉතා ඉහළ මිළකට
අලෙවි කිරීම කරනු ලබන අතර එය නීති විරෝධී කටයුත්තක් වන බැවිනි. ඔබටත් නිවැරදි ව්‍යාපාරක්
තෝරාගෙන ඒ හා එක්වීමෙන් විශාල ආදායමකට හිමිකම් කිව හැකි අතර නිවැරදි ව්‍යාපාරයක්
හදුනාගැනීම ඔබ විසින්ම කල යුතු වේ.

No comments:
Post a Comment